May 11, 2024

අදත් අධිවේගය නොමිලේ

කඩවත සහ කොට්ටාව අතර අධිවේගී මාර්ගය ගාස්තු අය කිරීමකින් තොරව අද (18) දිනයේ ද ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

කොළඹ  නගරය සහ ඒ අවට ප්‍රදේශවල පවතින ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ඇති වු මාර්ග තදබදයට පිළියමක් ලෙස මෙම පියවර ගත් බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව අද උදෑසන 6.00 සිට රාත්‍රි 10 දක්වා කඩවත සහ කොට්ටාව අතර අධිවේගී මාර්ගයේ ගාස්තු අයකිරීමකින් තොරව ගමන් කිරීමේ අවස්ථාව රථ වාහන රියදුරන්ට හිමි වේ.

ඊයේ දිනයේ ද පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින් කොට්ටාව සහ කඩවත අතර ගාස්තු අයකිරීමකින් තොරව රථ වාහන ගමන් කිරීම සහා අවස්ථාව  ලබාදී තිබුණි. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 May 2016 09:57