May 07, 2024

'තාම තරග තහනමක් නෑ' - මහේලට කුසල් කියයි

තමන් හට තවමත් නිල වශයෙන් තරග තහනමක් පනවා නොමැති බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් මහතා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාට ප්‍රකාශ කර තිබේ.

ජයවර්ධන මහතා සිය නිල ටිවිටර් ගිණුමෙහි තබා ඇති සටහනක මේ බව සඳහන් කොට ඇත.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගිය දා පැවසූවේ කුසල් ජනිත් මහතාට අවුරුදු 04ක තරග තහනමක් පනවා ඇති බව යි.

කෙසේ වෙතත් තමන් කුසල් ජනිත් මහතා ඇමතූ බවත්, ලබන මැයි මස දී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉදිරියේ පෙනී සිටිය යුතු වන බවත්, ඉන් පසුව තමන් පිළිබඳ තීරණය එම කවුන්සිලය මගින් ප්‍රකාශ කරනු ඇති බවත් ඔහු සඳහන් කළ බවයි මහේල ජයවර්ධන මහතා සඳහන් කොට ඇත්තේ.

"කුසල්ට අනුව තවමත් තරඟ තහනමක් නෑ"යනුවෙන් ජයවර්ධන මහතා එම සටහන අවසන් කොට තිබේ.

එම ට්විටර් පණිවිඩය පහතින්.

mahela tweet

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 April 2016 11:03