May 04, 2024

කුසල් නිදහස්! විශේෂ මාධ්‍ය හමුව සූදානම්!

තහනම් උත්තේජක භාවිතා කළැයි චෝදනා මත තරග තහනමකට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා මහතා එම චෝදනාවලින් නිදහස් වූ බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයටෙ පත් කර තිබේ.

එමෙන්ම පෙරේරා මහතාට පැනවූ තරග තහනම ද මේ සමගම ඉවත් කර ඇති බව යි සඳහන් වන්නේ.

අද (12) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී මේ සම්බන්ධයෙන්වන විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ.

පැනවූ තරග තහනම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය, ඉන්දීය විස්සයි20 තරගාවලිය, ආසියානු කුසලාන තරගාවලිය මෙන්ම 20-20 ලෝක කුසලාන තරගාවලිය ආදිය කුසල් ජනිත් පෙරේරා මහතාට මගහැරුණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 May 2016 07:28