April 27, 2024

මහේල ජයවර්ධන යළිත් පිටියට

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන සමඟ නව කොන්ත්‍රාත්තුවකට අත්සන් තැබූ බව එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය නිවේදනය කර ඇත.

ඒ අනුව 2017 වසරේ විස්සයි විස්ස තරගාවලිය සඳහා මහේල ජයවර්ධන ලැන්කෂයර් පිල නියෝජනය කරමින් ක්‍රීඩා කරනු ඇති බව සඳහන් වේ.

මෙහි විශේෂත්වය වන්නේ ඔහු මෙම තරගාවලිය සඳහා දේශීය ක්‍රීඩකයෙකු ලෙස ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය නියෝජනය කිරීමයි.

මහේල ජයවර්ධනගේ බිරිඳ ඩෙන්මාර්ක සම්භවයක් සහිත බැවින් ඔහු විදේශීය ක්‍රීඩකයෙකු ලෙස නොසැළකීමට ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය තීරණයකර තිබේ.

ලබන ජුලි මාසයේ පටන් 2017 විස්සයි විස්ස තරගාවලිය නිමවනතුරු ලැන්කෂයර් පිල වෙනුවෙන් මහේල ක්‍රීඩා කරනු ඇත.

මේ වනවිට කුමාර් සංගක්කාර එංගලන්තයේ 'සරේ' ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ විදේශීය ක්‍රීඩකයෙකු ලෙසිනි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 May 2017 10:14