May 07, 2024

මුරලිගේ සහයට මහේලත් එයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟපන්දු යනව ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ද අදහස් පළ කොට තිබෙනවා.

ඒ සිය ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් තබමින්.

හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ද මුරලිට එල්ල වී ඇති චෝදනා හෙලා දකිමින් ට්විටර් සටහනක් තබා තිබූ අතර මහේල පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මුරලි සම්බන්ධයෙන් පළ කොට ඇති චෝදනා පිළිබඳව තමන් අතිශයින් කළකිරීමට පත් වන බව යි.

එමෙන්ම මීට මාස කිහිපයකට පසු තමා ද සිටියේ එම බෝට්ටුවේම බව මහේල වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මුරලි තමාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නිර්දෝශීභාවය ඔප්පු කළ යුතුව නොමැති බව යි මහේල සිය ට්විටර් සටහනෙන් පවසන්නේ.

එම සටහන පහතින් > > > 

Rate this item
(0 votes)