April 27, 2024

රංගන 300වැනි ටෙස්ට් කඩුල්ල දවා ගනී

ටෙස්ට් කඩුළු 300 සීමාව පසු කළ තෙවන ශ්‍රී ලාංකීය ක්‍රීඩකයාට හිමි වාර්තාව හිමිකරගැනීමට රංගන හේරත් අද (28) සමත් විය.

ඒ අද පැවැත්වුණු ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේ දී ය.

300වැනි ටෙස්ට් කඩුල්ල ලෙස රංගන දවාගත්තේ ලකුණු 10 ක් ලබාසිටි ස්ටීවන් ෆින්ගේ කඩුල්ලයි.

මේ අතර පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන එංගලන්තය කඩුලු 9 ක් ලකුණු 498 ක් ලබාගත්තෝ ය.

පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් කඩුලූ 4 ක් ද සුරංග ලක්මාල් සහ මිලින්ද සිරිවර්ධන කඩුලූ දෙක බැගින් ද බිඳ හෙලීමට සමත් විය.

Rate this item
(0 votes)