May 19, 2024

නිදහස් වූ සැණින් කුසල් එංගලන්තයට?

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් පනවා තිබූ තරග තහනමින් නිදහස්‌ වූ කුසල් ජනිත් පෙරේරා මහතාගේ ශරීර යෝග්‍යතාව සහ වත්මන් දක්‍ෂතාව සලකා බලා එංගලන්ත සංචාරයේ එක්‌දින තරගාවලියට හෝ ඊට පෙර කණ්‌ඩායමට ඇතුළත් කර ගැනීමේ සූදානමක් පවතින බව පුවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

එංගලන්ත එක්‌දින තරගාවලිය ආරම්භ වීමට පෙර පුහුණු තරග කිහිපයක්‌ පැවැත්වෙන අතර එහිදී කුසල් මහතාගේ තත්ත්වය හොඳින් පරීක්‍ෂා කිරීමට හැකි බවයි ක්‍රිකට් තේරීම් කමිටුවේ විශ්වාසය වී තිබෙන්නේ.

"මම හැකි විදිහට මගේ ශරීර යෝග්‍යතාව පසුගිය කාලයේදී පවත්වා ගත්තා. සුපුරුදු 'ෆෝම්' එකට එන්න මට ඉක්‌මනින් හැකි වෙයි කියල විශ්වාස කරනවා. ඒ ගැන තමයි අවධානය යොමු කරන්නෙ. ඊට පස්‌සෙ මම සුදුසුනම් කණ්‌ඩායමට ඇතුළත් කරයි" යනුවෙන් කුසල් ජනිත් පෙරේරා මහතා පවසා තිබේ.

මාස හයක්‌ කිසිදු ක්‍රිකට්‌ තරගයකට හෝ පුහුණුවීම්වල නිරත නොවී සිටි කුසල් පෙරේරා මහතා ඊයේ (13) යළි සිය පුහුණු වීම් ආරම්භ කළේ ය.

Rate this item
(0 votes)