May 06, 2024

කුසල් වෙනුවෙන් මුදල් ගෙවන්න ICCය එකඟවෙයි?

තරග තහනමකට ලක් කොට සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා මහතාගේ නිර්දෝශී බව ඔප්පු කරගැනීම සඳහා වියදම් වූ මුදල තම ආයතනය වෙත ගෙවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය එකඟ වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කොට තිබේ.

නමුත් ඒ පිළිබඳව ලිඛිත ප්‍රකාශයක් තවමත් ලබා දී නොමැති බව යි ඔහු වැඩි දුරටත් සඳහන් කොට ඇත්තේ.

තහනම් උත්තේජක ලබා ගත් බවට චෝදනා කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය කුසල් ජනිත් පෙරේරා මහතාට තරග තහනමක් පැනවූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත් වී ලොව පවතින උසස්ම තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් පරීක්ෂණ පවත්වා පෙරේරා මහතාගේ නිර්දෝශී බව ඔප්පු කරගැනීමට සමත් විය.

කුසල් ජනිත් පෙර්රා මහතාට පනවා තිබූ තරග තහනම ඉවත් කරගැනීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට සිදු වූයේ ඉන් පසුව යි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 May 2016 10:19