May 06, 2024

තවත් ලාංකික ක්‍රීඩකයෙකුට ICCයෙන් චෝදනා

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශාමින්ද එරංගගේ පන්දු යැවීමේ ඉරියව්වල නිවැරදිතාව පිළිබඳව ගැටළු මතුව ඇතැයි වාර්තා වේ.

ඔහුගේ පන්දු යැවීම පිළිබඳව මෙසේ සැක පළ වී ඇත්තේ එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර දී සිදු කළ පන්දු යැවීම් නිරීක්ෂණය කිරීමෙන් පසුව යි.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් එරංගගේ පන්දු යැවීමේ ඉරියව් තව දුරටත් සියුම් ලෙස පරීක්ෂාවට භාජනය කරමින් සිටින බව සඳහන් වේ.

ශාමින්ද එරංග 29 වැනි වියේ පසු වේ.

Rate this item
(0 votes)