May 07, 2024

මහේලට ගෞරවනීය සාමාජිකත්වයක්

December 10, 2015

ශ්‍රී ලංකාවෙන් බිහිවු සුපිරි පිතිකරු මහේල ජයවර්ධනට එංගලන්තයේ මාර්ලිබොර්න් ක්‍රීඩා සමාජයේ ගෞරවනීය සාමාජිකත්වය හිමි වී තිබේ.

ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩා සමාජය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සම්පාදනයේ මූලස්ථානය වන මාර්ලිබොර්න් ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය ලබාගත් 14වෙනි ශ්‍රී ලාංකිකයා ලෙසයි මහේල ඉතිහාසයට එක්වන්නේ.

මීට පෙර මහේලගේ සමකාලීනයන් වන කුමාර් සංගක්කාර, චමින්ද වාස් සහ මුත්තයියා මුරලිදරන් මාර්ලිබොර්න් ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය ලබාගෙන ඇති අතර මේ පිලිබදව අදහස් දක්වමින් මහේල විදෙස් මාධ්‍යට පවසා තිබුනේ මෙම සාමාජිකත්වය තම ක්‍රිකට් දිවියේ ලැබූ ගෞරවයක් බවයි.

Rate this item
(0 votes)