May 19, 2024

'කපනවා කීවාට කපන්නෑ' - විදුලි ඇමති යළි කියයි

මාර්තු 31 දක්වා පැය 3ක කාලයක් විදුලිය කප්පාදු කරන බවට පැතිර ගිය පුවත දෝෂ සහිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මීට පෙරාතුව එවැනි විදුලි කප්පාදුවක් පිළිබඳ සැලසුම් කර තිබුණ ද මේවන විට විදුලිබලාගාර ජල පෝෂක ප්‍රදේශවලට නිසි ලෙස වර්ෂාව ලැබෙන බැවින් පවත්නා විදුලිය කප්පාදුකිරීමකින් තොරව ලබාදිය හැකි බව යි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

නමුත් විදුලිබල මණ්ඩලය පැවසූවේ මාර්තු 31 දක්වා දිනකට පැය 3ක කාලයක් බැගින් විදුලි කප්පාදු කිරීමක් සිදු කෙරෙන බව යි.

ඒ සඳහාවන කාලසටහනක් ද එම මණ්ඩලය විසින් නිකුත් කර තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 March 2016 13:03