April 28, 2024

ජනපතිගේ කතාව මැදත් විදුලිය කපලා

වයඹ පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශ සම්මාන උළෙල ඊයේ කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

එහි ප්‍රධාන ආරාධිතයා වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තම කතාව සිදු කරද්දී විදුලිය විසන්ධි වීම විශේෂ කරුණක් විය.

විදුලි බල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කිරීමට යෝජිතව තිබුණ ද එසේ නොකරන බව විදුලි බල අමාත්‍යවරයා දිගින් දිගටම පවසා සිටින පසුබිමක එකී උත්සවයේ දී ජනාධිපතිවරයා සිය කථාව අරඹා විනාඩි 10කට පසු විදුලිය විසන්ධි විය.

මෙම අවස්ථායේ දී විදුලි ජනන යන්ත්‍රය ද ක්‍රියා විරහිත වී තිබීම හේතුවෙන් පැය බාගයක්ම ශ්‍රවණාගාරය අඳුරේ පැවති බව වාර්තා වේ.

උළෙල අතරතුර විදුලි පන්දම් ආධාරයෙන් තිළිණ ද ප්‍රදානය කිරීම සිදු විය.

Rate this item
(0 votes)