May 19, 2024

ජලය බැස ගිය පසු විදුලි අවධානමක් ගැන අනතුරු අඟවයි

කැලණි ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර තත්ත්වය මේවන විට බැසයමින් පවතියි.

ඒත් සමගම නිවාස අතහැර ගිය ජනතාව නැවතත් තම නිවෙස් කරා යාම අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුවත ගංවතුර අවධානම පහව යාමත් සමග පැනනැගී ඇති නව අවධානමක් පිළිබඳව යි.

ගංවතුරෙන් නිවාස යට වීමත් සමග අදාළ ප්‍රදේශවල විදුලිබලය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පුද්ගලික සමාගම පියවර ගත් අතර ගංවතුර බැස ගිය පසු නැවතත් විදුලි සැපයුම ලබා දීමට එම ආයතන කටයුතු කරනු ඇත.

විදුලි සැපයුම ලබා දුන් නමුදු නිවසේ ප්‍රධාන විදුලි ස්විචය හෝ අනෙකුත් විදුලි ස්විච හෝ විදුලි පේණු ස්පර්ශ කිරීමෙන් වලකින ලෙසටයි විදුලි විශේෂඥයින් ජනතාවට අනතුරු අඟවා ඇත්තේ.

ජලය බැස ගිය ද විදුලි පරිපථ, ස්විච සහ පේණු ආදියට මඩ ඇතුළු වී ජලයෙන් තෙත් වී පවතින නිසා විදුලි කාන්දුවීමේ දැඩි අවධානමක් පවතින බවට යි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

මෙම අවධානම නිසා ඇති විය හැකි අනතුරු වලක්වා ගැනීම සඳහා යලි පදිංචියට පැමිණීමට පෙර නිවසේ සම්පූර්ණ විදුලි පද්ධතියම විදුලි කාර්මිකයෙකුගේ පරීක්ෂාවට භාජනය කරවන ලෙස විදුලිබල විශේෂඥයින් ජනතාව වෙත උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම මෙම අනතුරු ඇඟවීම සුළුකොට නොතකන ලෙසට ද ඔවුන් පවසයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 May 2016 13:27