May 19, 2024

'වතුර නැතත් විදුලිය දෙනවා' - ඇමතිගෙන් අලුත් කතාවක්

ජල විදුලි බලාගාර හා සම්බන්ධ ජලාශවල ජල මට්‌ටම අඩු වුවත් විදුලි කප්පාදුවක්‌ සිදු නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශකොට ඇත.

වැසි නොවැටුණත් බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්‌ටම ජාතික විදුලිබල පද්ධතියට බලනොපාන අන්දමින් කළමනාකරණය කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

සියලු දෙනාම එක්‌ව කැපවීමෙන් මෙගාවොට්‌ 400 ක ඉතිරියක්‌ කරගන්නට පුළුවන් නම් කිසිම අභියෝගයක්‌ නොමැති බවත් එය ආත්මීය වගකීමක්‌ විදියට සැලකීම ඉතා වැදගත්බවක් අමාත්‍යවරයා අවධාරණය කොට තිබේ.

Rate this item
(0 votes)