May 05, 2024

ශ්‍රීලනිපයේ විනය කැඩූ මන්ත්‍රීවරුන්ට වැඩ වරදී - මෛත්‍රී හදිසියේ මධ්‍යම කාරක සභාව කැඳවයි

February 12, 2016

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (12) පස්වරු 2.00ට ජනාධිපති නිළ නිවසේදී පැවැත්වීමට නියමිතව තිබේ.

වත්මන් දේශපාලන තත්වය සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන ආකාරය පිළිබඳව මධ්‍යම කාරක සභාව විසින් අවසන් එකඟතාවකට පැමිණීම ද මෙහිදී සිදුවනු ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළ නිදහස් පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම ද අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් 10 වැනිදා පස්වරුවේ පවත්වා තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සම්බන්යෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි.

නිමල් සිරිපාලද සිල්වා, ඩිලාන් පෙරේරා, ලසන්ත අලගියවන්න යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී තිබේ.

 

Rate this item
(0 votes)