May 19, 2024

ඥානසාර හිමිගේ නඩු බලන්න ආ කතක් අත්අඩංගුවට

February 10, 2016

හෝමාගම උසාවියට පැමිණි කාන්තාවක් පොලීසිය විසින් අද (10) අත්අඩංගුවටගත් බව වාර්තා වේ.

බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පළමුවරට අත්අඩංගුවටගත් පසුගිය 26 වැනිදා උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණු කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.

එදින කලහකාරී ලෙස හැසිරුණු කිහිප දෙනකු අධිකරණ නියෝගයක් මත අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි අතර අද පැවැති නඩු විභාගයට පැමිණ සිටියදී පොලිසිය විසින් අදාළ කාන්තාව හඳුනාගගෙන අත්අඩංගුවට ගෙන ඇත.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 10 February 2016 17:34