May 17, 2024

උසස්පෙළ ප්‍රතිඵල ගැන බොදු බල සේනා අනතුරු අගවයි

මෙවර උසස් පෙළ ප්‍රතිඵල දෙස බැලීමේදී රටේ අධ්‍යාපනය විශාල අනතුරකට මුහුණපාන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (05) කිරුළපන බොදුබල සේනා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.

උන්වහන්සේ මේ පිළිබදව අදහස් දක්වමින් කියාසිටියේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් ජයග්‍රහණයෙ කළ දරුවන්ට ආශිර්වාද කරමින් මාධ්‍ය ආයතනවලින් සුබ පැතුම් කළත් මෙරට අධ්‍යාපනය කඩා වැටී ඇති බවයි.

උන්වසහස්සේ වැඩිදුරටත් කියාසිටියේ පත්වූ හැම ආණ්ඩුවක්ම රටේ අධ්‍යාපනය බරපතල ලෙස කඩා වැටීමට ලක්කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් හේතු දක්වමින් උන්වහන්සේ පැවසූයේ "අධ්‍යාපනය කියන්නේ රටේ සාරධර්මයන්, සංස්කෘතිය ජාතියට උරුම කර දීමයි. නමුත් දැන් තිබෙන්නේ අයාලේ යන සංස්කෘතියක්. ජීව විද්‍යා හා ගණිත අංශයන්ගෙන් 2013වසරේ සමත්වූ ප්‍රමාණය 34%ක්.  66%ක ප්‍රමාණයක් වාණිජ හා කලා විෂයයන්ගෙන් සමත් වෙලා තිබෙනවා. රටක් දියුණු වීමේ මූලිකම දෙය විද්‍යා හා ගණිත විෂයන් හැකිතරම් දියුණු කිරීමයි. මෙතැනම අර්බුදය පෙනෙනවා" ලෙසයි.

 

Rate this item
(0 votes)