May 09, 2024

නව අමාත්‍යාංශ විෂය පථය ගැසට් කෙරේ 

September 24, 2015

ජාතික ආණ්ඩුවේ අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදන ඉකුත් 22 වැනි දා ප්‍රකාශයට පත් විය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය, මහවැලි අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය හා ජාතික ඒකාබද්ධතා යන අමාත්‍යාංශය හා එම අමාත්‍යාංශවලට අයත් ආයතන සියල්ල ජනාධිපතිවරයා යටතේ ක‍්‍රියාත්මක වේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා සුරැකුම් පත් විනිමය කොමිෂන් සභාව, ජාතික තරුණ සේවා සභාව, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල, මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුළු ආයතන 20 ක් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය දරණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අයත් ය.

සිවිල් ගුවන් සේවා අධිකාරිය, සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම අයත්වන්නේ, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාටවන අතර පොලිස් දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ඇතුළු ආයතන නීතිය, සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතාට අයත් වේ. 

මහා භාණ්ඩාගාරය, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්න ලොතරැයි මණ්ඩලය, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 26 ක් මුදල් අමාත්යය රවී කරුණානායක මහතාට අයත්ව තිබේ.

සියලු රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා සමාගම් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන 19ක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට අයත් ආයතන වේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව අයත්වන්නේ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාට අයත් ආයතන ය.

නාගරික සංවර්ධන අධිකාරි, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව යන ආයතන මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අයත් ආයතන වේ. 

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා ආමාත්‍ය සමාගම් හා වී අලෙවි මණ්ඩලය ඇතුළු ආයතන 10ක් ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතාට අයත්ව තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල අයත් වන්නේ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ය.

 

Rate this item
(0 votes)