May 09, 2024

ක්‍රීඩා ඇමතිකමේ සුදුසුකම් දයාසිරි පහදයි (VIDEO)

තමන් සෑහෙන කාලයක් ක්‍රීඩාව කරපු කෙනෙක් බවත් පරිපාලන පිළිබඳව ද අමාත්‍යාංශ ගණනාවක සේවය කළ බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

එසේ ම වයඹ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස අවුරුදු එක හමාරක් සේවය කළ බවත් එය තමන්ට ශක්තිමත් පදනමක් වූ බවත් ක්‍රීඩා අමාත්‍යවරයාවීමට තමා සතු සුදුසුකම් කවරේ ද යන්න මාධ්‍යවේදියෙකු කළ විමසීමේ දී ඔහු මේ බව සඳහන් කළේ ය. 

එහි දී වැඩිදුර අදහස් දැක් වූ අමාත්‍යවරයා, පවතින ක්‍රීඩා නීති ඉතා ඉක්මනින් යම් වෙනස්කමකට භාජනය කර වහාම නිලවරණයක් පැවැත්විය යුතු බව පැවසී ය. එසේ ම නිලවරණය පවත්වා ක්‍රිකට් ආයතනයට කැමති පුද්ගලයෙකුට පැමිණීමේ අවස්ථාව සලසා දෙන බවත් හෙතෙම සඳහන් කළේ ය.

තමා කයිවාරු ගහන පුද්ගලයෙකු නොවන බවත් හැමදාම වැඩක් කළ පුද්ගලයෙක් බවත් අවධාරණය කළේ ය. ඉදිරි අවුරුදු 02 න් අනතුරු ව තමා කව්රුන් ද යන්න දැන ගැනීමට හැකිවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය. සේවයක් කරන තුරු මේ දුවන දිවිල්ල නතර නොකරන බව හිරු නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඔහු සඳහන් කළේ ය. 

 

Rate this item
(0 votes)