May 13, 2024

කේක් එකේ භාගයක් ඒ යක්කුන්ට - මංජු ශ්‍රී (VIDEO)

ජාතික ආණ්ඩුව, එක්සත් ජාතික පාක්ෂිකයින්ට විජාතික ආණ්ඩුවක් බවට පත්වීමට ඉඩ ඇති බව බස්නාහිර පළාත් සභා විපක්ෂනායක මංජු ශ්‍රී අරංගල මහතා පවසයි.

ඔහු මේ සඳහන් කළේ පසුගිය දා හෝමාගම එජාප පාක්ෂිකයින් වෙනුවෙන් සූදානම් කර තිබූ ජන හමුවක දී ය.

එහි දී අදහස් දක්වන මංජු ශ්‍රී අරංගල මහතා, "මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියා නං මන්ත්‍රීවරු ටිකත් අරගෙන ඇමතිකං ටිකත් දීලා 113 පුරවගෙන තමන්ගේ පාක්ෂිකයින්ට වැඩ කරන ආණ්ඩුවක් ගෙනියනවා. අද අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග ජාතික ආණ්ඩුවක් හදාගෙන යනවා. හොඳම අමාත්‍යාංශ ටික අපි ඒ පැත්තට දීලා."

ජාතික ආණ්ඩුවක් අවුරුදු 02 ක් පවත්වගෙන යනවා නම් පිළිවෙතක් තියෙන්න වෙනවා අවුරුදු 02 ක් යනකල් කිසිම මැතිවරණයක් රටේ තියන්නේ නෑ කියලා.

දැන් අපි 106 ක් අරගෙන කේක් එකේ භාගයක් ඒ යක්කුන්ට කන්න දීලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි පාර්ලිමේන්තුව තුළ එකට දීග කනව නම් ඇයි පළාත් සභාවේ ඒක කරන්න බැරි" යනුවෙන් සඳහන් කළේ ය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 

Rate this item
(2 votes)