May 09, 2024

සන්ධානයේ 47ක් විපක්ෂයට - ශ්‍රීලනිප මන්ත්‍රීවරු විපක්ෂයේ වැඩකරන්නේ මෙහෙමයි (AUDIO)

තමා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 47 දෙනෙකු ලබන 22 වෙනි දා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේ දී ස්ථිර ලෙසම විපක්ෂයේ අසුන් ගන්නා බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ ය.

Asian Mirror සිදු කළ විමසීමක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

ඊයේ දිනයේ දී මේ පිළිබඳව ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කළ නමුත් තම පාර්ශවය ජනාධිපතිවරයා මුණගැසීමට ගියේ විපක්ෂයේ වාඩි වෙන්නදැයි අසන්නට නොව විපක්ෂයේ වාඩිවෙන බව දැනුම් දීමට බවයි සොයිසා මහතා ප්‍රකාශ කළේ.

වත්මන් රජයේ සෑම දෙයක්ම නිර්ධය ලෙස විවේචනය කරමින් පසුගිය එජාප විපක්ෂය කටයුතු කළ ආකාරයට නොව රජයේ යහපත් පියවරවල දී සහයෝගය ලබා දෙන බවත් ජනතාවට අහිතකර තීන්දුවක් ක්‍රියාත්මක කලහොත් කොන්දේසි විරහිතව එයට විරුද්ධ වන බවත් ඒ මහතා කියා සිටියේ ය.

එමෙන්ම විපක්ෂයේ අසුන් ගැනීමට බලාපොරොත්තු වන සන්ධාන මන්ත්‍රීවරු පිරිස රජයේ තනතුරු සියල්ල ප්‍රතික්ෂේප කළ අය බවත් එජාපයට එරෙහිව සන්ධානය වෙත ලක්ෂ 47ක ඡන්ද ප්‍රමාණයක් ලැබුණු බවත් ප්‍රකාශ කළ සොයිසා මහතා චෝදනා කළේ දැනට විරුද්ධ පක්ෂය ලෙස පෙනී සිටින ද්‍රවිඩ ජාතික සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් රජය විසින් නිර්මාණය කරපු විපක්ෂයක් බව යි.

එබැවින් එය සැබෑ විපක්ෂයක් නොවන බව පැවසූ ඒ මහතා තවදුරටත් අවධාරණය කළේ විපක්ෂයේ අසුන්ගන්නා තමා ඇතුළු සන්ධාන මන්ත්‍රීවරු පිරිස සංවිධානාත්මක විපක්ෂයක් ලෙස ජනතාවගේ පැත්තේ සිට පවතින ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ කාර්යභාරය නිවැරදි ලෙස ඉෂ්ඨ කිරීමට බලාපොරොත්තුවන බව යි.

රංජිත් සොයිසා මහතාගේ අදහස් දැක්වීමෙහි හඬ පටය පහතින් ශ්‍රවණය කරන්න.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 September 2015 12:20

Related items