May 03, 2024

පාර්ලිමේන්තුව හදිසියේ කැඳවයි

කැලි කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශ කිරීමේ ගැසට් නිවේදනය අනුමත කිරීමට ජනාධිපතිවරයා විසින් හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා තිබේ.

අදාළ ගැසට් නිවේදනය මේවන විට ප්‍රකාශයට පත්කර ඇති අතර පාර්ල්මේන්තුව ලබන 28 වන දින පෙ.ව 9.30ට රැස්කර ඒ පිළිබඳ දැනුවත් කිරීමට නියමිතය.

ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සේවාවක්, එලෙස ප්‍රකාශයට පත් කිරීම පාර්ලිමේන්තුවට දන්වා යැවිය යුතු බැවින් හා එකී ප්‍රකාශය නිකුත් කරනු ලැබූ දිනයේ සිට දින 10 ක කාල සීමාවක් සඳහා පාර්ලිමේන්තුව කල් තබා ඇති බැවින් මෙලෙස හදිසියේ පාර්ලිමේන්තුව රැස් කිරීමට සිදුව තිබේ.

ඒ අනුව මෙම ගැසට් නිවේදනයෙන් විදියෙන් ඉවතලන කැළි කසළ, නිවාසවලින් ඉවතලන කැළි කසළ හෝ එබදු වෙනත් දෑ ඉවත් කරලීම, එක්රැස් කරලීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, පිරිසැකසුම, වෙන් කිරීම, පිළියම් යෙදීම, බැහැර කිරීම සහ විකිණීම සඳහා යම් පළාත් පාලන ආයතනයක් විසින් හෝ එබදු යම් පළාත් පාලන ආයතනයක් සඳහා හෝ වෙනුවෙන් ඉෂ්ඨ කරනු ලබන හෝ පවත්වාගෙන යනු ලබන හෝ කිසියම් කාර්යය පැවරුමක් සම්බන්ධයෙන් ඉටු කරනු ලැබිය යුතු හෝ ඉටු කිරීමට අවශ්‍ය වන්නා වු කවර වුව ආකාරයේ සියලූම සේවාවන්, වැඩ හෝ ශ්‍රමය යෙදවීම මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කර තිබේ.

Rate this item
(0 votes)

Related items