May 03, 2024

චීන මහජන බැංකුවේ දකුණු ආසියානු ශාඛාව කොළඹ මූල්‍ය නගරයට

චීන මහජන බැංකුවේ දකුණු ආසියානු ශාඛාව ගාලුමුවදොර මුහුද ගොඩකර ඉදිකෙරෙන මූල්‍ය නගරයේ ස්‌ථාපිත කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කොළඹ ඉදිකරන වරාය නගරය මූල්‍ය නගරයක්‌ ලෙස ඉදිකරන බවත් මෙම මූල්‍ය නගරයට අදාළ වාර්තාව සකස්‌ කළ පසු ඒ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කරන බවත් අගමැතිවරයා කීවේය. 

අගමැතිවරයා මෙසේද සඳහන් කළේය.

“මේ වාර්තාව වසර අවසාන වන විට සභාවට ඉදිරිපත් කරන්නට හැකිවේවි. අප කලින් තීරණය කළේ වැලිකඩ බන්ධනාගාරය ඉවත් කර එතැනට හෝ රත්මලාන ප්‍රදේශයට මේ මූල්‍ය නගරය ගෙන යන්නයි. ඒත් ඒ ඉඩම් ප්‍රමාණයට වඩා පෝර්ට්‌සිටි ඉඩම් ප්‍රමාණය වැඩියි. පරිසර වාර්තාව මේ ව්‍යාපෘතිය අනුමත කර තිබෙනවා. ධීවරයන්ට සිදුවන අපහසුතාව පිළිබඳ තවදුරටත් අවධානය යොමු කරන්නට පුළුවන්.

චීන රජයේ සහයෝගයෙන් ඉදිකිරීමට යෝජිත කර්මාන්ත කලාපය සඳහා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ඉඩම් අක්‌කර 15000 ක්‌ අවශ්‍යයි. දීර්ඝ කාලීන බදු පදනම යටතේ එම ඉඩම් ලබා දෙනවා.“

මාතර, මොණරාගල සහ රත්නපුර දිස්‌ත්‍රික්‌කවලට මායිම්ව මේ ඉඩම් සොයා ගැනීමට කටයුතු කරනවා යැයි ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසී ය.

මෙම චීන කර්මාන්ත කලාප ඇති කිරීම සඳහා දැනටමත් ගිවිසුම් අත්සන් කර තිබෙන බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

 

 

Rate this item
(0 votes)

Related items