May 03, 2024

පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට නව ක්‍රමයක්

පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ඩිජිටල් ක්‍රමයට සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්, නව රජය යටතේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ නූතන තාක්ෂණයෙන් ඉදිරියට ගමන් කරමින් අපේ පාර්ලිමේන්තුව අද ආසියාවේ හොඳම පාර්ලිමේන්තුව බවට පත්වී ඇති බවත් කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී නූතන තොරතුරු තාක්ෂණයෙන් ජනමාධ්‍යවේදීන් සවිබල ගැන්වීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ජනමාධ්‍යවේදීන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ප්‍රදානය කිරීමේ පළමු අදියර සඳහා සහභාගී වෙමිනි.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය ඒකාබද්ධව එම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබිණි.

මෙහිදී තවදුරටත් අඳහස් දැක්වූ කතානායකවරයා," මාධ්‍යවේදීන්ට වගකීමක් තිබෙනවා. පුවත් වාර්තාකරණයේ දී ඔවුන්ගේ සේවය අගය කරනවා. අද අපේ පාර්ලිමේන්තුව ආසියාවේ හොඳම පාර්ලිමේන්තුව බවට පත් වී තිබෙනවා. මාධ්‍යයට චරිතයක් හදන්නත් නැති කරන්නත් පුළුවන්. පුද්ගලයකු රවුද්‍ර කරන්නත් පුළුවන්. ගුණවත් පුද්ගලයකු කරන්නත් පුළුවන්. තොරතුරු දැනගැනීමේ පනත ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මාධ්‍යයට නිදහස තවත් හිමි වෙනවා. අපේ පාර්ලිමේන්තුව තාක්ෂණය සමඟ ගමනක් ගොස් තිබෙනවා. පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් ඉතා හොඳින් සහ කැපවීමෙන් තම වාර්තාකරණයන් සිදු කරනවා. ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යතුමාගේ සේවය මේ අවස්ථාවේ දී අගය කරනවා. ලබන අයවැයට පෙර පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ඩිජිටල් ක්‍රමයට සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි තාක්ෂණය සමඟ තව තවත් ගමන් කළ යුතුයි" යනුවෙන් කියාසිටියේය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා, ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ කළමනාකරු ඉසුරු දිසානායක මහතා ඇතුළු ජනමාධ්‍යවේදීන් රැසක් සහභාගී වී සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 August 2016 09:32

Related items