May 09, 2024

ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් අද විපක්ෂයට (AUDIO)

අද (22) රැස්වන සභාවාරයේ දී ඇමතිකම් ගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයේත් එසේ නොමැති අනෙක් සියළු එජනිස මන්ත්‍රීවරුන් විපක්ෂයේත් අසුන් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසුවේය.

{module lolc}

ඒෂියන් මිරර් කළ විමසීමකදී නානායක්කාර මහතා මේ බව පැවසූ අතර විපක්ෂය නියෝජනය කරන පක්ෂවලට ලැබෙන සමස්ත කාලයෙන් 30%ක් එජනිසයට ලැබෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර විපක්ෂයේ අසුන් ගන්නා මන්ත්‍රීවරුන් පිරිස අතරට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 39 දෙනෙක් හා එජනිස නියෝජනය කරන මන්ත්‍රීවරු 11 දෙනෙක් අයත් වන බව වාර්තා වේ.

විපක්ෂයේ පළමු පෙළ අංක 09 අසුන හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට වෙන්කර ඇති අතර, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන්ට ද විපක්ෂයේ ඉදිරි පෙළ අසුන් වෙන්කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 22 September 2015 13:37

Related items