May 09, 2024

නැවත ඌව පළාත් සභාව විහිලුවක් වෙන්න බැහැ - චාමර සම්පත් 

September 17, 2015

තමාගේ මන්ත‍්‍රීවරුන්ගෙන් සහ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙත් අදහස් ලබාගෙන ඉදිරි අවුරුදු 04 ක කාලය තුළ වැඩ කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (16) වැඩ භාර ගැනීමෙන් අනතුරු ව පැවති රැස්වීමක දී ය.

එහි දී අදහස් දැක් වූ චාමර සම්පත් මහතා පැවසූවේ, "නැවත ඌව පළාත් සභාව විහිලුවක් වෙන්න බැහැ. මොකද පළවැනි සැරේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්තයා මහ ඇමති කරවලා. තව මාස දෙක තුනකින් නීත්‍යානුකූල නොවෙන විදිහට හරීන් ප‍්‍රනාන්දු මහ ඇමති කරවලා. නැවත මේ අවුරුද්දක කාලය තුළ චාමර සම්පත් දසනායක මහා ඇමති කරා නම් මේක විහිලුවක් වෙන්න බැහැ. මේවා ජනතාවගේ මුදල් තමයි එහා මෙහා වෙන්නේ පරිහරණය කරන්නේ" යනුවෙන් සඳහන් කළේ ය.

බදුල්ල - පාලිත ආරියවංශ

Rate this item
(0 votes)