May 03, 2024

ව්‍යවස්ථාදායක සභාවට ජනපතිගෙන් පාඨලි - අගමැතිගෙන් විජයදාස

September 09, 2015

ව්‍යවස්ථාදායක සභාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නි‍යෝජිතයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාත් පත්කර තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනූව ව්‍යවස්ථාදායක සභාව නියෝජිතයින් 10 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට නිල බලයෙන් පත්වන්නේ කථානායක, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයාවරයාය.

මීට අමතරව ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු, අගමැතිවරයාගේ නියෝජිතයෙකු සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයෙකු ද ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතු අතර ඒ අනුව ජනපතිවරයාගේ හා අගමැතිවරයාගේ නියෝජිතයින් දෙදෙනා ඉහත පරිදි නම් කර ඇත.

එසේම  සුළු පක්ෂ නියෝජනය කරන නියෝජිතයෙකු සහ සිවිල් සාමාජිකයින් තිදෙනෙකු ද ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතුය. 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් ස්ථාපිත කෙරුණු ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවට පැවරී තිබේ.

 

Rate this item
(2 votes)
Last modified on Wednesday, 09 September 2015 12:09