May 04, 2024

සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලයට

September 05, 2015

පළාත් පාලන මැතිවරණයට අදාළ සීමා නිර්ණය කිරීම ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යොමු කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා ප්‍රජාත්‍රන්තීය පාලනය පිළිබඳ අමාත්‍යංශය පවසයි.

පළාත් පාලන මැතිවරණය සඳහා වූ සීමා නිර්ණය කිරීමෙන් අනතරුව එහි වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ගැසට් කිරීම සඳහා යොමු කර ඇති බව එහි ලේකම් ජේ. දඩල්ලගේ මහතා පවසයි.

අදාළ සීමා නිර්ණය කිරීම සම්බන්ධයෙන් ගැසට් කිරීමට මේ වනවිට ලැබී ඇති බව රජයේ මුද්‍රණාලයාධිපති ගාමිණි ෆොන්සේකා මහතා සඳහන් කරයි. එහි මූලික සකස් කිරීම් අවසන් කර අවසන් අනුමැතිය සඳහා ජනාධිපති කාර්යාලයට යොමු කර ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

එම අවසන් අනුමැතිය ලැබීමෙන් අනතුරු ව පළාත් සභා සඳහා සීමා නිර්ණය කිරීම ගැසට් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය.

Rate this item
(0 votes)