May 09, 2024

මහින්ද නැත්නම් දිනේෂ් - ජාතික එකමුතුව කියයි 

September 01, 2015

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක විය යුතුම බවත් ඔහු නොවන්නේ නම් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සුදුසු බව ජාතික එකමුතුවේ මතය බවත් ජාතික එකමුතුවේ කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (01) නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවක දී ය.

විපක්ෂයේ හිඳගත්තත් විපක්ෂය නියෝජනය කරමින් රජය විවේචනය නොකළ යුතු යැයි සන්ධානයේ පක්ෂවලට ජනාධිපති නියෝග කර ඇති බවද රජය විවේචනය කළ නොහැකි නම් විපක්ෂයක් කුමකට දැයි ඒ මහතා ප්‍රශ්න කළේ ය.

මේ ජාතික ආණ්ඩුව එජාපයේ හෝ විපක්ෂයේ වුවමනාවක් නොව පිටස්තර යම් බලවේගයක් විසින් මොවුන් පිට බලහත්කාරයෙන් පැටවුණු එකක්යැයි ද හෙතෙම පැවසී ය.

‘එජාපයට ඕනෑ නම් ආණ්ඩුවක් හදන්න තිබුණා. මෛත්‍රිපාල සිරිසේන මහතාට ඕනෑ නම් ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් හදන්න තිබුණා. නමුත් ඔහු තමන්ගේ පක්ෂය පරාජය කර එජාපය දිනවන්න කටයුතු කළා. මේ සියල්ල කළා නොවෙයි කරවූයේ අමෙරිකාව, ඉන්දියාව ඇතුළු බලවේග විසින් විය හැකියි.‘ යනුවෙන් ද අමරසේකර මහතා පැවසී ය.

 

Rate this item
(2 votes)