May 09, 2024

ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් නැවත පත් නොකිරීමේ තීරණයක්? 

දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පත් කළ අමාත්‍යාංශ ලේකම්වරු රැසක් ජාතික ආණ්ඩුව යටතේ යළිත් පත් නොකිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පත් කළ එක් අමාත්‍යාංශ ලේකම්වරයෙකු පිළිබඳ මේ වනවිටත් මුල්‍ය අපරාධ කොට්ඨාශය පරීක්ෂණ අරඹා තිබේ. රාජ්‍ය දේපළ අවභාවිතයට සෘජුවම දායක වූ පුද්ගලයෙකු ලෙස සළකා මුල්‍ය අපරාධ කොට්ඨාශය මගින් දැනටමත් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් පවත්වයි.

ඊට අමතර ව යහපාලන රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උනන්දුවක් නොදැක් වූ අකාර්යක්ෂම අමාත්‍යාංශ ලේකම්වරු 12 දෙනෙකු යළි පත් නොකිරීමට ද රජයේ ජ්‍යෙෂ්ඨයන් තීරණය කර තිබේ.

පරිපාලන සේවයේ සිටින දක්ෂ තරුණ නිලධාරීන් රැසකට එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ අමාත්‍යාංශ ලේකම්ධුර හිමිවීමට නියමිත බව වාර්තා වේ.

Rate this item
(3 votes)