May 09, 2024

08 වැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම ගැසට් කරයි

08 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය සඳහා සැප්තැම්බර් මස පළමු වැනි දා පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව රැස්විය යුතු බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

මෙම කැඳවීම සිදු කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව බව ද ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

1929-13 අංකය යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 

 

Rate this item
(0 votes)