May 09, 2024

සර්පයාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරයි

වාහනයකට යටකර පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කළැයි වරදකරුව මරණීය දඬුවම නියම වූ සබරගමු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හසිත සමන්ත මුහන්දිරම් හෙවත් සර්පයාගේ මන්ත්‍රී ධුරය අහෝසි කර ඇත.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මෙම මන්ත්‍රී ධුරය අහෝසි කළ බවට දැනුම් දුන් බව සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා පවසයි.

මරණ දඬුවම් නියම කරමින් මහාධිකරණය දුන් තීන්දුවෙන් අනතුරු ව කිහිපවරක් හසිත මුහන්දිරම් මහතා පළාත් සභාවට පැමිණියේ ය.

හසිත මුහන්දිරම් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසිවීමත් සමග පුරප්පාඩුවන මන්ත්‍රී ධුරයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බී.ආරියවංශ මහතා පත්වීමට නියමිතයි.

 

Rate this item
(1 Vote)