May 09, 2024

කතානායක එජාපයට - නියෝජ්‍ය කතානායක ශ්‍රීලනිපයට?

පාර්ලිමෙන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබීමට ඉඩ ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවල දී මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

පාර්ලිමෙන්තුවේ කතානායක ධුරය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කරූ ජයසූරිය මහතාට පිරිනැමෙන අතර නියෝජ්‍ය කතානායක ධුරය ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකුට හිමිවන බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 29 August 2015 09:40