April 30, 2024

සුසිල් ඉල්ලා අස් වෙයි - ජනපතිට ලිපියක්

තමා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ බව දන්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඊයේ දිනයේ (24) සිට බලපැවැත්වෙන පරිදි තමා ස්වකීය ධුරයෙන් ඉල්ලා අස් වූ බව සුසිල් ‍ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.

එජනිසය පිහිට වූ 2004 පෙබරවාරි මස 11 වැනි දා සිට මේ දක්වා එම සන්ධානයේ මහලේකම් ලෙස ජනාධිපතිවරණ, මහමැතිවරණ, පළාත් සභා හා පළාත් පාලන ආයතන මැතිවරණවල සියල්ලෙහිම නාම යෝජනා පත්‍ර සකස් කිරීම, හා මැතිවරණවලට අදාළ සියලු කටයුතු තමා විසින් සන්ධානයේ සියලු පක්ෂ සමග සුහදව ඉටු කළ බව ඔහු සඳහන් කරයි.

 

Rate this item
(0 votes)