May 07, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට තොරතුරු කවුළුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාවන තොරතුරු කවුළුව අද (24) ආරම්භ කෙරේ. 

08 වැනි අභිනව පාර්ලිමේන්තුවේ පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන සැලසීම පහසු කරවීමටත් සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පහසුව සඳහාත් අද සිට එළැඹෙන 26 වැනි දින දක්වා පෙරවරු 09.30 සිට පස්වරු 03.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී තොරතුරු කවුළුව පැවැත්වීමට කටයුතු කෙරේ.

එහි දී පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් සහ අත්‍යවශ්‍ය තොරතුරු සහ ලිපි ලේඛනාදිය ලබාදීමට නියමිතයි. ඊට නොවරදවාම සහභාගීවන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

එදින පාර්ලිමේන්තුවට ප්‍රවේශවීම පහසු කරවනු පිණිස ජාතික හැඳුනුම්පත හෝ තම අනන්‍යතාව තහවුරු කළ හැකි වළංගු වෙනත් ලේඛනයක් රැගෙන එන ලෙස සියලු මන්ත්‍රීවරුන්ට දන්වා සිටී.

එදිනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල හැඳුනුම්පත් සඳහා ඡායාරූප ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බැවින් ඒ සඳහා ද සූදානම්ව පැමිණෙන ලෙසත් මන්ත්‍රීවරුන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටී.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 24 August 2015 16:10