May 05, 2024

සැබෑ ජාතික සංහිදියාවක් ඇති කරන්නැයි යුරෝපා සංගමය ඉල්ලයි

ශ්‍රී ලංකාව තුළ සැබෑ ජාතික සංහිදියාවක් සහ වගවීමේ ක්‍රියාවලිය ඇති කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස යුරෝපා සංගමය නව රජයෙන් ඉල්ලා තිබේ.

අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණය ඉතා සාමකාමීව හා අව්‍යාජව පැවැත්වූ බව යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇති අතර ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා සහයෝගය ලබාදීම සඳහා ඉතා උනන්දුවෙන් ඡන්දය භාවිත කළ බව ද පවසා ඇත.

යහපාලනය වැඩිදියුණු කිරීම, මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම වැඩි ඉඩක් දෙන්නැයි එම සංගමය නව රජයෙන් ඉල්ලා තිබෙන අතර මේ සඳහා සියලුම දේශපාලන පක්ෂවල සහය හිමිවිය යුතු බවත් යුරෝපා සංගමයේ සමීපතම දිගුකාලීන පාර්ශවකරුවෙකු වන ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් තමන් ශ්‍රී ලංකා රජයට සහයෝගය ලබාදෙන බවත් යුරෝපා සංගමය කියා තිබේ.

Rate this item
(0 votes)