May 07, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් අද රෑ ගැසට් කරයි

2015 මහ මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.

එම නිවේදනය මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කිරීමට නියමිත අතර ඊට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට අද (20) යොමු කරන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් ජාතික ලැයිස්තුවෙන් පත් කරන නියෝජිතයන්ගේ නම් ඉදිරි දිනයකදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

ජයග්‍රහණය කළ මන්ත්‍රීවරු 196 දෙනාගේත් ජාතික ලැයිස්තුවෙන් පත්කරන මන්ත්‍රීන් 26 දෙනාගේත් නම් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ගැසට් කිරීමෙන් අනතුරුව නව රජයක් පිහිටුවීම සඳහා මූලික ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතයි. නව ඇමැති මණ්ඩලය තෝරා ගැනීම සිදුවන්නේ ද ඉන් අනතරුව ය.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 20 August 2015 17:11