May 07, 2024

මැතිසබේට පත් වූ නවක මන්ත්‍රීවරුන්ගේ සැසිය කල් යයි

පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්තී‍්‍රවරුන් වෙනුවෙන් අගෝස්තු මස 23 වැනි දා ආරම්භවීමට නියමිත ව තිබූ පුහුණු සැසිය අගෝස්තු 24 වැනි දා දක්වා කල් දමා තිබේ.

අටවැනි පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගන්නා ලද මන්තී‍්‍රවරුන්ගේ නම් මේ දක්වා සම්පූර්ණයෙන් ප‍්‍රකාශයට පත්කර නොමැතිවීම මීට හේතුව බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට අවශ්‍ය තොරතුරු සහ ලිපි ලේඛණ ආදිය ලබාදීමට අගෝස්තු මස 23, 24 සහ 25 යන දිනවල පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස අලුතින් තේරී පත් වූ සියලු මන්තී‍්‍රවරුන්ට මීට පෙර දැනුම් දී තිබිණි.

එය මේ මස 24, 25 සහ 26 යන දිනවල පෙරවරු 09.30 සිට පස්වරු 03.30 දක්වා පැවැත්වෙන බව මහ ලේකම්වරයා සඳහන් කළේ ය. 

එදිනට ජාතික හැඳුනුම්පත හෝ තම අනන්‍යතාවය තහවුරු කළ හැකි වෙනත් ලේඛණයක් රැගෙන එන ලෙස ද සියලු මන්තී‍්‍රවරුන්ට දැනුම් දී ඇත.

Rate this item
(0 votes)