May 03, 2024

2015 ICC ලෝක කුසලාන සමාරම්භක උත්සව දෙකක් අද

February 12, 2015

2015 ICC ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උත්සව දෙකක් අද පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම සමාරම්භක උත්සව දෙකටම ක්‍රිකට් ක්‍රීඩකයින් ජ්‍යෙෂ්ඨයින් සහ දෙරටේ ප්‍රසිද්ධ පුද්ගලයින් රැසක් සහභාගි වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් යන නගර දෙකෙහි පැවැත්වෙන මෙම උත්සව දෙකම ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිත බවත් සඳහන්.

11 වන වරට පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ලබන සෙනසුරාදා දිනයේදී (පෙබ: 14) පැවැත් වෙයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 February 2015 13:10