May 02, 2024

දුෂ්මන්ත චමීර නවසීලන්තයට කැඳවයි

February 11, 2015
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා දුෂ්මන්ත චමීර අද නවසීලන්තය බලා පිටත් වී තිබේ.
ඔහු කණ්ඩායමට කැඳවූයේ ධම්මික ප්‍රසාද් ආබාධයකට ලක්වීම හේතුවෙනි.
ඒ සඳහා දුෂ්මන්ත චමීරට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද පසුගිය දා හිමි විය.
රාගමදී උපත ලද 23 හැවිරිදි දුෂ්මන්ත චමීර, සහෝදරයකු සහ සහෝදරියකගෙන් සමන්විත පවුලේ වැඩිමලා ය.
ඔහු මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන කාලයේම ක්‍රිකට් ක්‍රීඩාවටත් අත්පොත් තැබී ය.
දුෂ්මන්ත පාසල් ක්‍රිකට් පිටියේ කැපී පෙනන ක්‍රීඩකයෙකු බවට පත් වූයේ උසස් පෙළ හැදෑරීම සඳහා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට ඇතුළු වීමෙන් අනතුරුව ය.
පසුගිය මස 29 වන දා නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හිදි පැවැති තරගයේදී එක්දින වරම් දිනූ දුෂ්මන්ත චමීර එම තරගයේ දී ලකුණු 60කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.
 
 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 February 2015 12:22