May 02, 2024

ලෝක කුසලාන පුහුණු තරගයෙන් ලංකාව පරාදයි

February 09, 2015

ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාව කණ්ඩායම අතර පැවති පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක පරාජයක් ලැබීය.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන් අතර එහිදී පන්දුවාර 44.4කදී කඩුලු හතකට ලකුණු 279ක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. 

වර්ෂාව හේතුවෙන් තරගයට බාධා වූ අතර පසුව ශ්‍රී ලංකා ඉනිම අත්හිටවීය. 

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් ශතකයක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කර අතර මෙම තරගයේදී ලසිත් මාලිංග නැවතත් පිටියට පිවිසියේය.

දකුණු අප්‍රිකා කණාඩායමට පන්දුවාර 25කදී ලකුණු 188ක ඉලක්කයක් හිමිවූ අතර එය කඩුලු පහක් පමණක් වැය කර පසුකර යාමට ඔවුහු සමත්වූහ.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදුන් අම්ලා හා කොක් පළමු කඩුල්ලට ලකුණු 116ක සබඳතාවක් ගොඩනැගූහ.

 

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 09 February 2015 15:55