May 03, 2024

ඉශාන්ත් ශර්මාටත් ලෝක කුසලානය අහිමි වේ

February 08, 2015

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ඉශාන්ත් ශර්මා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

දකුණත් මද වේග පන්දු යවන ක්‍රීඩක ශර්මා දණ හිසේ ආබාධයකින් පෙළෙමින් සිටීම ඊට හේතු වී තිබේ.

ඒ අනුව ඔහු  ලබන සතියේ යළි ඉන්දියාවට පැමිණීමට නියමිත බවත් සඳහන්.

කෙසේ වෙතත් ඒ සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද මෙතෙක් හිමිව නොමැති බවත් වාර්තා වෙයි.

ඉශාන්ත් ශර්මා වෙනුවට මේ වන විට නම්කර ඇති මෝහිත් ශර්මා එක්දින ජාත්‍යන්තර තරග 12කට සහභාගී වි ඇති අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 10කි.

Rate this item
(0 votes)