May 02, 2024

ලොව පැරණිතම රග්බි තරගාවලිය ඇරඹේ

February 07, 2015
ලොව පැරණිතම රග්බි තරගාවලියක් ලෙස සැලකෙන සික්ස් නේෂන්ස් රග්බි තරගාවලිය පසුගිය 06 වැනිදා ආරම්භ කර තිබේ.
 
1883 වර්ෂයේදී ආරම්භ වූ මෙම තරගාවලිය මෙවර 121 වැනි වරට පැවැත්වෙන අතර තරගාවලිය සඳහා රටවල් 06 ක් සහභාගී වේ.
 
ඒ අනුව එංගලන්තය, වේල්සය, ප්‍රංශය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඉතාලිය සහභාගි වි ඇත.
 
එළඹෙන මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ මේ වනවිට වැඩිම තරගාවලි සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ඇත්තේ එංගලන්තය හා වේල්සයයි.
 
කෙසේ නමුත් මෙම තරගාවලියේ වත්මන් (2014) ශූරතාවය හිමි කරගෙන තිබෙන්නේ අයර්ලන්තයයි.
 
Rate this item
(0 votes)