May 02, 2024

රංගන හේරත් යළිත් නවසීලන්තයට

February 06, 2015
පුද්ගලික හේතුවක් මත පසුගියදා දිවයිනට පැමිණ සිටි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් යළිත් නවසීලන්තයට පැමිණි බව ශ්‍රි ලංකා කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා මහතා පවසයි.
 
ආබාධවලට ලක්වූ ජීවන් මෙන්ඩිස්, ධම්මික ප්‍රසාද් හා සුරංග ලක්මාල් යථා තත්ත්වයට පැමිණ සිටින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
 
මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ටී.එම්. ඩිල්ෂාන් හා ලහිරු තිරිමාන්න නිත්‍ය ආරම්භක පිතිකරුවන් ලෙස යොදා ගැනේ.
 
ශල්‍යකර්මයක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද නැවතත් සුපුරුදු රිද්මයට පැමිණ සිටින බවද කණ්ඩායමේ කළමනාකරු වැඩි දුරටත් සඳහන් කරයි.
 
Rate this item
(0 votes)