May 09, 2024

ලෝක කුසලාන විකාශන අයිතිය ජාතික රූපවාහිණියට ?

February 05, 2015
ක්‍රිකට් ලෝක කුසලාන විකාශන අයිතිය ජාතික රූපවාහිණි සංස්ථාවට ලැබිමට නියමිත බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මේ සම්බන්ධයෙන් වන නිල දැනුම් දීම අද (05) සවස මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කිරීමට නියමිත බව ජාතික රූපවාහිණී සංස්ථාවේ වැඩ බලන අධ්‍යක්ෂක (ක්‍රීඩා) පාලිත සෙනරත් මහතා පවසයි.
 
ක්‍රිකට් ලෝක කුසලාන නිල විකාශන අයිතිය පැවතියේ CSN නාලිකාවට වන අතර එය පෙබරවාරි 03 වැනිදා සිටි ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබිණි.
 
ලෝක කුසලානයේ නිල ජාත්‍යන්තර නාලිකාව වන ස්ටාර්ස්පෝර්ට් (starsports) ක්‍රීඩා නාලිකාව සමග මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් සාකච්ඡා කර ඇති බවද එම සංස්ථාව් අභන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
 
ජාතික රූපවාහිණිය ශ්‍රී ලංකා ජනගහණයෙන් 95%ට පැහැදිළිව නැරඹීමට හැකි වුවද CSN නාලිකාව නැරඹිය හැක්කේ ශ්‍රී ලංකා ජනගහණයෙන් 65%ට පමණි.
Rate this item
(0 votes)