May 09, 2024

දැල්පන්දු නිලවරණය මාර්තු 31ට පෙර 

February 04, 2015

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ නිලවරණය මාර්තු මස 31 වැනිදාට පෙර පවත්වා අවසන් කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා දැල්පන්දු අතුරු කමිටුවට උපදෙස් දී ඇතැයි වාර්තාවේ.

දැල්පන්දු අතුරු කමිටුවේ වත්මන් සභාපතිනි ලක්‍ෂමි වික්ටෝරියා මහත්මියද මෙම දැල්පන්දු සංගමයේ සභාපති ධුරයට නාමයෝජනා ඉදිරිපත් කිරීමට තිරණය කර ඇතැයිද වාර්තාවේ.

මේ අතර දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ දැල්පන්දු පරිපාලනයේ නිරතව සිටි දැල්පන්දු සංගමයේ හිටපු සභාපතිනියක්ද වන ටි‍්‍රක්සි නානායක්කාර මහත්මියද දැල්පන්ද නිලවරණයට කණ්ඩායමක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බව දැනගන්නට ඇත.

දැල්පන්දු සංගමයේ නිලවරණය පැවැත්වීමට මෙවර උත්සහ දරන්නේ 2013 න් පසුවය. පසුගිය නිලවරණය පැවැත්වීම අත්හිටුවූ එවකට ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඒ වෙනුවට දැල්පන්දු අතුරු කමිටුවක් පත් කිරීමට පියවර ගත්තේය.

මෙම වසරේදී  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන ලෝක දැල්පන්දු ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම් සූදානම් කිරිම දැල්පන්දු සංගමයට අලූතින් පත්වන නිලධාරීන්ට පැවරෙන ප‍්‍රධාන වගකීමය.

මේ වන විට ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයද හිස්ව පවතී.

 

Rate this item
(0 votes)