May 08, 2024

සෙරීනා විලියම්ස්ට තවත් ජයක්

February 02, 2015
අමෙරිකාවේ ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ දී හයවැනිවරට කාන්තා ශූරතාව දිනා ගැනීමට සමත් විය.
ලොව අංක – 1 ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් සහ දෙවැනි ස්ථානයේ සිටින රුසියාවේ මාරියා ශරපෝවා තරග කළ එම අවසන් තරගයට වර්ෂාවෙන් ද බාධා එල්ල වී ඇත.
33 හැවිරිදි සෙරීනා විලියම්ස් තරගයට සහභාගි වූයේ තරමක අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
අවසන් තරගයේදී සෙරීනා විලියම්ස් ශරපෝවා පරාජය කළේ වට 2ට 0ක් ලෙසිනි
ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් තරගය පැවැත්වුණේ මෙල්බන් පාර්ක්හිදී ය.
 
Rate this item
(0 votes)
Last modified on Monday, 02 February 2015 09:05