May 08, 2024

ලෝක කුසලානයට ලංකාවෙන් තීරකවරු හය දෙනෙක්

February 01, 2015
එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වූ විනිශ්චකරුවන් සහ තරග තීරකවරුන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබේ.
 
ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ල සහ රොෂාන් මහනාම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග තීරකවරුන් ලෙස නම් කර ඇත.
 
කුමාර් ධර්මසේන, රන්මෝ මාර්ටිනස් සහ රුචිර පල්ලියගුරු තරග විනිසුරුවන් ලෙස නම් කර තිබේ.
 
පීටර් මැනුවෙල් තරග විනිසුරුවරුන්ගේ උපදේශක ලෙස නම් කළ බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
 
Rate this item
(0 votes)
Last modified on Sunday, 01 February 2015 10:29