May 08, 2024

බිග් බෑෂ් ලීග් ශුරතාව පර්ත් ස්කොචර්ස් කණ්ඩායමට

ඕස්ට්‍රේලියාවේ පැවැති සිවුවැනි බිග් බෑෂ් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ක්‍රිස් වෝගස්ගේ නායකත්වයෙන් යුත් පර්ත් ස්කොචර්ස් කණ්ඩායම සමත්විය. ඔවුන් හමුවේ අවසන් තරගයේදී සිඩ්නි සික්සර්ස් කණ්ඩායම පරාජයට පත්විණි.
 
කැන්බරා හිදී පැවැති අවසන් තරගයේදී පළමුව පන්දුවට පහරදුන් සිඩ්නි කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 147ක් රැස් කළේය. ලකුණු 148ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ස්කොචර්ස් පිල අවසන් පන්දුවෙන් තරගයේ ජය හිමිකර ගත්තේ කඩුලු 6ක් අහිමිකර ගනිමිනි.
 
ස්කොචර්ස් ජයග්‍රහණය කරාගෙන ගිය ෂෝන් මාෂ් පන්දු 59කින් ලකුණු 73ක් රැස්කිරීමට සමත්විය. විස්සයි 20 ක්‍රිකට් තරග බිමෙන් සමුගැනීමේ අවසන් තරගයට එක්වූ බ්‍රෙට් ලී කඩුලු 3ක් දවාගත්තේය.
 
තරගයේ වීරයා ලෙස ෂෝන් මාෂ් නම් කළ අතර තරගාවලියේ වීරයා ලෙස සිඩ්නි තන්ඩර්ස් පිලේ ජැක් කාලිස් නම් කෙරිණි.
 
Rate this item
(0 votes)