May 09, 2024

ශ්‍රී ලංකාවට ලකුණු 34ක ජයක්

සත්කාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති අවසන් එක්දින තරගයෙන් ලකුණු 34ක ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) සමත්විය.
තරගාවලියේ ජය 4-2ක් ලෙස හිමිවූයේ නවසීලන්ත කණ්ඩායමටයි.
 
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 287ක් රැස්කරනු ලැබීය.එයට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට සියල්ලන්ම දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 253ක් පමණි. 
 
සංගා සිය එක්දින දිවියේ 21වැනි ශතකය වාර්තා කිරිමටද මෙම තරඟයේදි සමත් විය. ඒ අනුව ඔහු තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ කේන් විලියම්සන්ටයි.
 
Rate this item
(0 votes)